එදා මෙදා තුර කදුළට විවර වු දෑස් පියන් පත් කවුළු වසා
මේක සත් සිදුවීමක් කියලයි පොත්පත් වල සදහන් වෙන්නෙ... සිදුවීමට මුහුණදීල තියෙන්නෙ මේ පද රචකයමයි... මේක ඔහුගෙ එකම පද රචනය ලෙසත් සමහර පොත්පත් වල සටහන් වෙනව...ආදරවන්තියගේ නිසල දේහය දිහා බලාගෙන තමා ආදරවන්තය මේ කතාව කියන්නෙ.....

දවසක් සනත් නන්දසිරි සංගීතවේදියා තම නිවසේ විවේකය ගත කරමින් සිටින අවස්ථාවේ එතනට පැමිණෙනවා සුදු පාට නිළ ඇදුම ඇදගත් දුම්රිය මැදිරි පාලකවරයෙක්. ඔහුගේ අතේ පුංචි කොළ කෑල්ලකුත් අරගෙනයි ආවේ. ඔහු ඒ කොළ කෑල්ල නන්දසිරි මාස්ටර්ට දීලා කියනවා ‘‘ මාස්ටර්, පුලුවන්නම් ඔය පදවැල් ටිකට තනුවක් දාලා ගායනා කරන්න‘‘ කියලා. “මේක මගේ අන්තිම ගී පද රචනය“ කියලත් කියනවා. විස්තර කථා කරන්නත් කලින් දුම්රිය මැදිරි පාලකවරයා යනවා. ඈතටම නොපෙනී යනවා.

නන්දසිරි මහතා මේ ගිතයට තනුවක්, සංගීතයක් දාලා ගායනා කරනවා.
ඉතින් ආදරවන්තයින්ගේ දවසට පස්සේ දවසේ මේ ලිපිය දාන්න හිතුවා මම. මේ වගේ ආදරවන්තයෝත් මේ ලෝකේ ඉන්නවා කියන එක මතක් කරන්න.








ඔය නෙත් දෙකට මම දන්න කාලෙ ඉදලාම උරුම වෙලා තිබුනෙ කදුළු විතරයි... ඔයා කොච්චරනම් මගේ ලග ඉදගෙන දුක කිය කියා අඩන්න ඇද්ද.... මගේ පපුවට ඔලුව තියානෙ හිතේ හැටියට අඩන්නදුක කියන්න එන්නෙ නැද්ද ඔයා අද..... මේ උරහිසමේ පපුව තවමත් බලාගෙන ඉන්නෙ ඔයාගෙ දුකට කදුලට වාරුවක් වෙන්නඒත් කෝ කෙල්ලෙ ඔයා මගේ දිහා බලන්නෙවත් නෑනේ......  කදුලු පිරි දෙනෙත් නොඇරෙන්නම ඔයා වසාගෙන.... ලස්සන සිනහ පිරුණු දෙතොල් දෙක වසාගෙන.... වෙනදා රෝස මල් ‍වගේ පිපුණ ඔය දෙකොපුල් අනේ අද පරවෙලා.....මාව ආදරෙන් බදා ගත්තු ඔය දෑත් පොඩි අද එකට බැඳගෙන ළයට තද කරගත්තට මේ ආදරේ වාන් දමනව මිසක් අඩු වෙන්නෙ නම් නෑ කවදාවත්ම.... ඒත් ඔයා මට කියන්නෙවත් නැතුව යන්නම යන්න ගියා....

දෑස් කවුළු පත් පලා කදුලු කැට
වෑහෙද්දී මගෙ දෑස් අගින්
කාත් කවුරුවත් වෙතත් හිතයි මට
පාත් වෙන්න ඔය මුවට උඩින්
ඈත්ව යන්නට - සමුගෙන කදුලක්
ඔබෙ මුව දොවතත් සුවඳ පැනින්
මාත් මගේ හිතටත් ඔබ සුවඳයි
ඈත් නොවේමයි  සුවදින්...

කොච්චර ඇස්දෙක තද කරගත්තත් ඇහිපිය කඩාගෙන දෝරෙ ගලන කඳුළු මං කොහොම නවත්ත ගන්නද ‍සොදුරියෙ...කවුරු කොහොම කිව්වත් ඒක කරන්න මට බෑ... කවුරු හිටියත් කමක් නෑ.... මට හිතෙනව ඔය නලල තව එක පාරක් සිබ ගන්න... මම වෙන මොනව කරන්නද දෙවියනේ... ඉතින් මට කියලා ගියා නම් "අඬන්නෙපා...මට දුකයි කියලා...වස්තුවේකියලා මං කොහොම හරි නාඬා ඉන්නවනෙ වස්තුවේ...ඔය සුවඳ මට දැනෙන කොට වාවගන්න මට කොහෙත්ම බෑ...එතකොට මම අඬනවා නෙවෙයි මැණික මට ඇඬෙනවා...අනේ කඳුළක් වැටුණට ඔය චූටි දෙතොලට තරහ වෙන්න නම් එපා... ඔයාගෙ මේ අහිංසක සිරුරට ඇයි මේ සුවද පැන් වත්කරන්නෙ...  කියන්නෙ ඔයා දැන් අවසන් ගමන් යන්න ලගයි... අනේ මගේ පුංචි අහිංසක දගකාරි අවසන් ගමන් යන්න ලග හින්ද තමා මේ සුවද පැන් ඉහින්නෙ... අපිට මොනවටද සුවද පැන්... ඔයාට මොනවටද සුවද පැන්... මටත් , මගේ හිතටත් ජාති ජතිත් ඔයවා අමරණීය වූ සුවදක්.... මම  සුවද මත්තෙම ඉන්නවා... අනේ මට බෑ  සුවදින් ඈත් වෙන්න.... 

ඊයේ ඉපදී අද මිය යන්නට 
පෙරුම් පුරාගෙන උපන් ලයේ 
හීයේ වේගෙන් අහස උසට බැඳි 
ආදර ලෝකය හෙටත් තියේ... 
ඒත් ඉතින්  - සොදුරියෙ ඔබ නැත
ඇයිමේ ‍ලොව මා තනිව ගියේ 
ආයේ දවසක එක හිත් ඇත්නම් 
මේ අපි ඉපදෙමු එකට ප්රියේ...




මෙච්චර ඉක්මනට මට තනිවෙන්න වෙයි කියලා මං හිතුවෙ නෑ...මමං හැමදාම හිතුවේ මේ ගමන අපි දෙන්නම එකට යන්න..ඒත් ඇයි ධෛවය ඔයාව ඉක්මන් කලේ...නැත්නම් මට ඉස්සෙල්ල යන්න දෙන්න තිබුණනෙ...දෙහිතක ආදරය තනි හිතකට දරන්න වුනාම හරි අමාරුයි කෙල්ලෙ....ඒත් අපේ ආදරේ මහමෙරක් වගේ මං බලාගන්නම්..මගේ මැණික මං ළඟට එනකල්....ඔයා නැති මේ ලෝකෙ දැන් මට කියලා කව්ද රත්තරං ඉන්නෙ..අපිට අපි වුන්න  ආදරේ මතක එක්ක මං මේ පාළු ජීවිතය ගෙවා දමන්නම්...ආයෙමත් දවසක අපි මේ වගේම ආදරෙන් ඉමු...මං බලාන ඉන්නවා මගේ පුංවි කෙල්ලේ...හීනෙන් හරි ඇවිත් යන්න එන්න.... මම ඔයාවෙනුවෙන් මේ ආත්මෙ ගෙවනව...  ඊලග ආත්මෙ ඔයාව ලබා ගන්න ඕනි නිසා මම දන්නව ඔයත් එහෙම තමා... අපි දෙන්නගෙ හදවත් එක වගේ නිසා අපේ පැතුම් එකවගේ නිසා අපි ඊලග බවයේ අපේම වෙන්න පෙරුම් පුරාගෙනම ඉපදෙමු.
වංකගිරියෙ කදු මුදුනේ සැගවුණු....... - කෙල්ලේ නුඹ කොහෙදැයි කියපන්...............
හැබහින් බැරිනම් හීනෙන් ඇවිදින්.... - ඈත ඉදන් මට අත වනපන්.............